අමෙරිකාව ඉරාන බලධාරින් සමග ලබන සතියේ සාකච්ඡා පවත්වනු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
දැනට ක්‍රියාත්මක ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය බාධාවකින් තොරව ක්‍රියාත්මක බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ලබන සතියේ සිදුවීමට නියමිත බව ප්‍රකාශ කෙරෙන කිසිදු සාකච්ඡාවක් ඉරානය පිළිගෙන නොමැති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානය සමග සාකච්ඡා ආරම්භ කිරීමට තමා විශේෂ උනන්දුවක් නොමැති වුවත්, ඇතැම් විට එහිදි අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක් ඇතිවිය හැකි බව අමෙරිකානු ජනාධිපතිවරයා නේටෝ සමුළුව අතරතුරදි වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකා ඉරාන සාකච්ඡාවල හයවන වටය මේ මස මුලදී ඕමානයේ පැවැත්වීමට නියමිතව තිබුණද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එය අවලංගු කෙරුණා.
එක්සත් ජනපද මැදපෙරදිග නියෝජත ස්ටීව් විට්කෝෆ් ප්‍රකාශ කරන්නේ අර්බුදයට මුහුණ දුන් රටවල් අතර, තවදුරටත් සන්නිවේදනයක් සිදුවෙමින් පවතින බවයි.
මේ අතර, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර පිළිබඳ අමෙරිකානු බුද්ධි අංශ වාර්තා ඉදිරිපත් කළ සී එන් එන් මාධ්‍යවේදී නටාෂා බට්‍රර්න්ඩ් සේවයෙන් පහකරන ලෙස ජනාධිපති ට්‍රම්ප් සී එන් එන් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
