ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, නවතම තොරතුරුවලට අනුව තම නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට ගමන් කළ 219 දෙනෙකු නැවත ඊශ්‍රායලය බලා පැමිණීමට නියමිත බවයි.
ඉරාන- ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයට නියමින දිනට පැමිණීමට නොහැකිවූ විදේශිකයන්ගේ RE-ENTY විසා කාලය 2025 ජූලි මස 31 දක්වා දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇත.
මේ බව සියලුම ගුවන් සේවාවලට දැනුම් දෙන අතර ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇත.
එමෙන්ම ඉන්දියානු රජය විසින් ක්‍රියාත්මක කරන අම්මාන් ගුවන්තටුපළේ සිට නව දිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ලියා පදිංචි වී සිටින අතර අදාළ ගුවන් යානය අද (25) දින ගමන් කිරීමට නියමිතයි.
එසේම ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංව ඇති අතර මේ දක්වා ශ්‍රී ලංකාවට ගොස් ඇති පිරිස 5 කි.
ඉරානය හා ඊශ්‍රායලය අතර යෝජිත සාම ප්‍රයත්නය හේතුවෙන් ඊශ්‍රායලයේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවයි නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
