කොලොම්බියාවේ සෙනෙට් සභියෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ බොගොටාහි පැවති උත්සවයක් අතරතුරයි.
බොගොටාහි පොදු උද්‍යානයක පැවති ප්‍රචාරක උත්සවයක් අතරතුරයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ඔහුගේ දණහිසට හා හිසට දෙවරක් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.
උරිබේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔහුට අවශ්‍ය සියලුම සෞඛ්‍ය පහසුකම් නොවඩුව ලබා දෙන බවයි බලධාරින් ප්‍රකාශ කරන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.
එරට ආරක්ෂක අංශ පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගත් නමුත් තවමත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිටිද සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවයි.
උරිබේ 2026 වසරේදි ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් වන අතර ඔහු හිටපු කොළොම්ඹියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කළ විපක්ෂ කොන්සර්වෙටිව් ප්‍රජාත්‍රන්ත්‍රවාදි මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකු ද වනවා.
