ජාත්‍යන්තර සාගර දිනය අදයි

ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු’ යන්නයි.

මෙරට සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.

ලෝක සාගර දිනය පළමු වරට යෝජනා කරන ලද්දේ 1991 ජුනි 08 වන දින රියෝ ද ජනයිරොහි පැවැති ගෝලීය සංසදයේ දීය.

එම යෝජනාවෙන් කලකට පසු එනම් 2008 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 08 වන දින ලෝක සාගර දිනය ලෙස නම් කරන ලදී.