ජගත් පරිසර දිනයට සමගාමීව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) සිට ආරම්භ වනවා.
”ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස අද (30) දිනය ජාතික පරිසර සතියේ ආරම්භය සනිටුහන් කරනවා.
ඊට අදාළ ජාතික වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සැලසුම් කර ඇති අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඈන්ටන් ජයකොඩි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී අද පෙරවරු 9.30 ට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිතයි.
ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජාතික වැඩසටහනක් සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙනවා.
”ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු” හවුල් කරුවන් සහ කොටස් කරුවන් ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීම වැඩසටහනේදී සිදු කෙරෙනවා.
