
වාස්තු විද්‍යාව යනු යහපත්ව විසීමයි. නිවෙස ජීවත් වීමට සුදුසු විය යුතුය. වාස්තු විද්‍යාත්මකව විශ්ව ශක්තිය නිවෙස තුළට නියමාකාරව රැගෙනවිත් නිවෙසේ ජීවත්වන සියලු දෙනාටම යහපත උදා කිරීමයි. මේ නිසා නිවෙසක් දිශානුගතව සහ පංච මහා ශක්තීන්ට අනුව තැනිය යුතුය.
ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව සහ ආකාශ කලාප ලෙස ප්‍රධාන කලාප දිශා වලට විවර වේ. පංච මහා ධාතුන් හඳුන්වාදීමේදී එය පඨවි ධාතුවෙන් ආරම්භ වී ආපෝ, තේජෝ, වායෝ, ආකාශ ලෙස විශ්ව බල වටය නිර්මාණය වේ.
පඨවි ධාතුව
මෙහි අදහස ඝනකම් යන්නයි. පොළොවට සම්බන්ධ පදාර්ථයකි. අපට නිවෙසක් ඉදිකිරීමට අත්තිවාරම දැමීම අයත් වන්නේ මේ ධාතුවටයි. අපට ජීවත් වීමට අවශ්‍ය තුරුලතා වෘක්ෂ කඳු පර්වත නිර්මාණය වී ඇත. ඒවා නිරූපනය කරන්නේ පඨවි ධාතුවෙනි. නිවෙසේ නිරිත දිශාව මේ කලාපයට අයත් ෙව්. ඊසාන දිශාවෙන් ලැබෙන ආන්ත්රික ශක්තිය නිරිත දිශාවේ තැන්පත් වන බව සැලකේ.
ඒ අනුව ගෘහ මූලිකයාට මේ කලාපය ප්‍රධාන වශයෙන් බලපායි. ප්‍රධාන නිදන කාමරය ස්ථානගත කළ යුතු වන්නේ ද මේ කලාපය තුළයි. වාස්තු විද්‍යාවට අනුව වාස්තු පුරුෂයාගේ නාභියේ සිට සියල්ල මේ දිශාවට අයත් වේ.
ආපෝ ධාතුව
බාහිර සහ අභ්‍යන්තර ජල විශේෂාංග මෙයින් කියවේ. ප්‍රධාන වශයෙන් උතුර, ඊසාන සහ නැගෙනහිර මේ කලාපය අයත් වේ. නිවසක මෙන්ම ඉඩමේද මේ කොටස හිස්ව තැබීම සුබදායි නොවේ. මායිම් බිත්ති පැවැතීම හොඳ නැත. ජල මූලාශ්‍ර සහ නිවසට ජලය සපයන දෑ මේ කලාපයේ පැවැතිය යුතුය. ජලය ලබාගන්නා ළිඳ කැපීමට වඩාත් සුදුසු වන්නේ මීට අදාළ දිශාවන්ය. යම් හෙයකින් නිවසේ ආපෝ කලාපය අවහිර වුවහොත් උතුරෙන් ලැබෙන ශක්තියද නිවෙසට නොලැබේ. නිවෙසේ මායිම් බිත්තිය, ළිප, ගිනි උදුන, වැසිකිලි වළ හෝ වැසිකිළිය ස්ථානගත කිරීම නොකළ යුතුය. එසේ අවහිරවීමේදී ඉපැයීම්වල නිරතවන අයට ඒවායේ ආදායම් නොලැබී යයි. රැකියා නිරත අයට බලාපොරොත්තු වන උසස්වීම්, වැටුප් වර්ධක නොලැබේ. යම්හෙයකින් මුළුතැන්ගෙය පිහිටියහොත් එහි නිතර ගැවසෙන ගෘහනියට මානසික පීඩා ඇති වේ. නිවැසියන්ගේ ශරීර සෞඛ්‍ය පිරිහී යයි.
තේජෝ ධාතුව
ගින්දර මෙයින් නිරූපණය කරයි. සූර්ය ගමන් මගේ ගිණිකොන කිරණ දැඩිව බලපාති. නිවෙස මෙන්ම ඉඩමේ ද ගිණිකොන දිශාව සහ දකුණු දිශාව තේජෝ කලාපයට අයත් වේ. නිවෙසේ මුළුතැන්ගෙය ස්ථානගත විය යුත්තේ මේ කලාපයේය. නිවෙසට මූල්‍ය ශක්තිය වර්ධනය වන්නේත්, නිවෙසේ කාන්තාවගේ දිශාව වන්නේත් මේ කලාපයයි. අග්නි කෝණය අත්තිවාරමෙන් ශුන්‍යවීම, කෙටිවීම, ගොඩනැඟිල්ලකින් අවහිර වීම, භූමියේ කෙටිවීම්, දිගුවීම් නරකට බලපානු ලබයි. යම් හෙයකින් වැසිකිළිය, ළිඳ, ජලය ලබාගන්නා දෑ මේ කලාපයේ ස්ථානගත නොකළ යුතුය. මෙවැනි අවහිරතා නිසා නිවෙසේ ගෘහණියට මානසික සහ කායික අපහසුතා ඇතිකර ඇය රෝගී කරයි. වැයපස ද වැඩිවීමට හේතුවේ. මේ කලාපය සිකුරු ග්‍රහයාට අයත් යැයි සැලකෙන නිසා නිවෙසට මූල්‍ය වශයෙන් වාසි අවාසි ඇතිවන්නේද එම කලාපය වාස්තු විද්‍යාත්මකව තැනීමේදීය.
වායෝ ධාතුව
වාතය, සුළඟ යන්න නිරූපණය කරයි. නිවස සහ ඉඩමෙහි වයඹ දිශාව මේ කලාපයට අයත් වේ. ගිණිකොන දිශාවට විකල්පයක් ලෙසද මේ කලාපය භාවිත කරයි. ප්‍රාණ ශක්තියේ නියම ඵල නෙළා ගැනීමට උපරිම ප්‍රයෝජන ගැනීමට නිවෙස තැනීමේදී උළුවහු ජනෙල් අවශ්‍ය ප්‍රමාණයට තැබිය යුතුයි. මුළුතැන්ගෙය මේ කලාපයේ වුවද ස්ථානගත කළ හැකිය. යම්හෙයකින් ගිනිකොන දිශාව අවහිර වුවහොත් අත්තිවාරම් දැමීමේදී ශුන්‍ය හෝ කෙටි වුවහොත් වියදම් පැත්ත වැඩිවේ. මේ කලාපය භූමි නිවැසියන්ට වියදම් වැඩිකරයි. ගෘහනියගේ ගෞරවය සහ කීර්තිය කෙලෙසීමට බලපානු ලැබේ.
ආකාශ් (අවකාශය) ධාතුව
නිවෙසේ බ්‍රහ්ම පාදය දිශා ගතවන්නේ මේ කලාපයටයි. බ්‍රහ්ම පාදය හිස් ප්‍රදේශයක් ලෙස නිදහස් කර තැබීමට අවශ්‍ය වේ. නිවෙසට ලැබෙන විශ්ව ශක්තිය බ්‍රහ්ම පාදය ලක්ෂයට සම්බන්ධ වී සෑම කාමරයකම පැතිරේ. බිත්තියකින්, පඩිපෙළකින් හෝ බඩු භාණ්ඩවලින් අවහිර වීම හේතුවෙන් නිවසේ ආරක්ෂාව විසිරී යයි. විවාහයට සහ විවාහ කටයුතුවලට බලපෑම් ඇතිකරයි. ධනය හානි වේ. රෝගාබාධ වැඩිවේ.
උපදෙස් – වාස්තු විද්‍යා විශාරද,
සාමවිනිසුරු,
ඩබ්ලිව්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි
ඉරෝෂා දීපානි