මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (30) දින රාත්‍රී කාලයේ මොරොන්තුඩුව,ගෝනදූව කවටයාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමකින් තරුණයෙකු මියගෙස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29 ක්වූ බන්ඩිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොරොන්තුඩුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වැඩබිමකදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම වැඩබිමෙහි සේවය කරන පුද්ගලයෙකු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකරඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මොරොන්තුඩුව ගෝනදූව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.