RCB පිටියේ වැඩ පෙන්වයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 12 කින් ජය ගැනීමට ප්‍රතිවාදී රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක්දැවී ලකුණු 221 ක් රැස් කළා.

විරාත් කෝලි ලකුණු 67 ක් ලබා ගත් අතර, රාජට් පැටිඩර් ලකුණු 64 යි.

ජිතේෂ් ශර්මා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40 ක්.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස ‍මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත ලබා ගත හැකි වූයේ, ලකුණු 209 ක් පමණයි. තිලක් වර්මා ලකුණු 56 යි.

හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 42 ක් රැස් කළා. පන්දු යැවීමේදී කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 4 ක් බිඳ හෙලුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *