අදත් සවසට නෝක්කාඩුවක් ?

බස්නාහිර හා සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග හටගත හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළ‍ගේ වේගය වරින් වර පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

ඒ අනුව, එම මුහුදු ප්‍රදේශ වරින් වර තරමක් රළු ස්වභාවයක් ගත හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.