කාසියේ වාසිය බංගලියන්ට

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද සොනාල් දිනූෂ ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 170 වැනි ක්‍රීඩකයා ලෙසයි.

තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.