ගම්පහට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.