පොල් නිෂ්පාදනයට දැඩිලෙස බැලපෑම් සිදුකරන මයිටා හානිය මර්ධනය කිරීමට විලෝපීය මයිටාවන්

අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ පොල් වගාවට බලපා ඇති මයිටා හානිය මර්ධනය කිරීමේ උපදේශන වැඩසටනක් හා පොල් වගාකරුවන්ට විලෝපීය මයිටාවන් ලබාදීම අද දින තෝරාගත් ප්‍රදේශ කීපයකදී පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සංවිධානය කර තිබිණි. 

පොල් වගාවට හානිකරන මයිටාවන් මර්ධනය කිරීමේ රජයේ එක් වැඩසටනක් ලෙස මෙය නාච්චාදූව හා නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම පළිබෝධ මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර පොල් වගාකරුවන් හා ගෙවතු හිමියන් දැනුවත් කිරීම වෙනුවෙන් විලෝපීය මයිටාවන් ක්ශේත්‍රයට නිදහස් කිරීම ද සිදු කෙරිණි. 

දිවයිනපුරා වගාකෙරෙන පොල් වගාවන් සදහා මෙම මයිටා හානිය වයප්තව පවතින අතර විශේෂයෙන් අනුරාධපුරය හා පොළොන්නරුව වැනි වියළි දිස්ත්‍රික්කවල පොල් වගාවන් , මයිටා හානියට දැඩිලෙස ගොදුරුව පවතින බව අනුරාධපුර පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර අරවින්ද ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මයිටා පළිබෝධක හානිය සියයට පනහටත් වැඩි බවත් මෙය වර්ෂා සමයෙදි අවම වන බවත් ඒ මහතා පැවසීය.