කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු ජය මෙයයි. තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 235 ක් රැස් කළා. ඇන්රි ඩෙක්සන් ලකුණු 61 යි. පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුලු 4 ක් සහ දෙව්මි විහංගා කඩුලු 3 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 46 යි පන්දු 3 කදී කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී ලකුණු 237 ක් රැස් කරමින් තරගය ජය ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී කඩඉම කරා ගෙන ගිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77 ක් හා කවීෂා දිල්හාරි ලකුණු 61 ක් රැස් කළා. හසිනි පෙරේරා ලකුණු 42 යි.
