අක්මීමන වෙඩිතැබීමක්

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (23) අලුයම 5ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.