අඛණ්ඩව 3 වන වරටත් ගෞරවයට පාත්‍ර වූ මහ බැංකු අධිපති

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අඛණ්ඩව 3 වන වරටත් ග්ලෝබල් ෆිනෑන්ස් 2025හි “A” ඉහළම ශ්‍රේණිය ලබා ගනිමින් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

එය උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කළමනාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල කැපී පෙනෙන කාර්ය සාධනය පිළිබිඹු කරනු ලබනවා.