අණ නොතැකූ වාහනයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (03) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

අද උදෑසන සිදු වූ කඳාන වෙඩි තැබීමට සිද්ධියට අදාළව දියත් කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුමකදී අණ නොතකා ධාවනය කළ Dio වර්ගයේ යතුරු පැදියක් පිටුපස පොලිසිය හඹා යාමේදී මීගමුව දුව පාතිමා පාරේදී, යතුරු පැදිය ලොරි රථයක ගැටී ඇත.

මෙහිදී එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනිත් පුද්ගලයා යතුරු පැදියෙන් පැන පලා යද්දී පොලිසිය ඔහු පසුපස හඹා ගොස් ඔහුට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ 405/කඳ සුරිඳුගම අක්කර 50 කටාන ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ ඇන්ටන් ලක්ෂමන් නැමති 30 හැවිරිදි පුද්ගලයෙකි.

මොවුන් ළඟ තිබී ව්‍යාජ ගිනි අවියක්ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දුංගල්පිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.