බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතියි.
එය ඉදිරි පැය 24 තුළ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එහි බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
