අද රාජ්‍ය සේව‍යට අලුත් පිරිසක් එක්වෙයි

‍‍කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියේ පත්වීම් ලාභීන් රාජ්‍ය සේවය සඳහා අද නිල වශයෙන් එක් කරගනු ලබනවා.

පත්වීම් ලිපි ප්‍රදානය අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරග විභාගයකින් රාජ්‍ය සේවයට එකවර ඇතුළත් කරගැනෙන විශාලතම කණ්ඩායම මෙයයි.

2,000කට ආසන්න පිරිසක් එක්වර බඳවා ගැනීමට නියමිත බව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය අංශයේ අවශ්‍යතා මත පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට පසුගිය අයවැයෙන් යෝජනා කෙරු‍ණා.

එහෙත් ඊට වැඩි පිරිසක් බඳවා ගැනීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම් දේශපාලන බලපෑමෙන් තොරව සුදුසුකම් හා කුසලතා මත පදනම්ව පමණක් සිදුකෙරෙන බව, රජය අවධාරණය කරනවා.