අනවසරයෙන් මැණික් ගැරූ 4ක් කොටු වෙයි

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (19) දින අත්අඩංතුවට ගෙන තිබෙනවා.

කිරිඳිවැල පොලිස් වසමේ රංවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා පූගොඩ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද වැටලීම සිදුකර ඇත.

මෙම සැකකරුවන් බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිට ඇති අතර කැණීම් උපකරණ සමඟ අත්අඩංතුවට ගෙන ඇත.

පසුව මොවුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 24 හා 42 අතර වයස්වල පසුවන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.