
ඊයේ (21) දින සවස් කාලයේ පුනරීන් පොලිස් වසමේ සෙන්මන්කුන්ඩු ප්රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදී පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 37 ක් වන සෙන්මන්කුන්ඩු ප්රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු විසින්ම තම වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් යොදන ලද විදුලි කම්බියක ගැටී මෙම අනතුර සිදුවඇති බවයි සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. පුනරීන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.