අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට

ඊයේ රාත්‍රී (14) වැලිගම පොලිස් වසමේ කම්මල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට විදුලිසැරවැදී තිබෙනවා. 

ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.  මරණකරු වයස අවුරුදු 66ක පුද්ගලයෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් වනවා.  විදුලි රැහන අදින ලද සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.