අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ පළමු තරගයෙ ජය ගුවන් හමුදා කණ්ඩායමට

අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ පළමු තරගයෙන් ජය හිමිකර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වුණා. ඒ ප්‍රතිවාදී සී.එච්. ඇන්ඩ් එෆ් සී කණ්ඩායම පරාජය කරමින්

තරගය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 22 ට 21 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පෙරමුණ ගෙන සිටියා. තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 34 ට 28 ක් ලෙස තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායම සතුවුණා.

නාවික හමුදා කණ්ඩායම සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අතර පැවැති තරගයෙන් ජය හිමිකර ගැනීමට සමත්වූයේ සී.ආර්. ඇන්ඩ්.එෆ්.සී කණ්ඩායමයි. තරගය පැවැත්වුනේ සී.ආර්. ක්‍රිඩාංගණයේදී. පළමු අර්ධයේදී ලකුණු 17 ට 5 ක් ‍ලෙස ඉදිරියෙන් සිටි සී.ආර්. කණ්ඩායම තරගය අවසානයේ ලකුණු 29 ට 15 ක් ලෙස ජය තමන් සතුකර ගත්තා