
ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මක සබසඳතාවක් පවතින අතර, සමාජය යථාවත් කිරීමට භික්ෂුවගේ උරුමය, යථිවර පරපුරේ කාර්යභාරයට සමාජයට යළිත් අවශ්‍ය බවයි ජනාධිපතිවයරා කියා සිටියේ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
(වීසීආර්) පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කර වසර 150 ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්රණ ශාලාවේ පැවති ‘යෙළසිය අබිමන්’ සැමරුම් උත්සවය පැවැත්වුණේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එම පිරිවෙනේ නව වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යෙළසිය අබිමන් ශාස්ත්‍රී සංග්‍රහය සහ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා. ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී ඥාණරතන යන ස්වාමීන්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්යනවරුන්, තානාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
