අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් දිවි ගමනට සමුදෙයි

1970 වසරේදී සඳ මතුපිට මෙහෙයුම සඳහා ගුවන්ගත කෙරුණු “ඇපලෝ-13” අභ්‍යවකාශ යානය ආරක්‍ෂිතව යළි පෘතුවිය වෙත ගෙන ඒමට මග පෙන්වූ සුප්‍රකට ගගනගාමී ජිම් ලොවෙල් සිය දිවි සැරිය නිමා කළා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 97 ක්.

1970 වසරේ අප්‍රේල් 11 වැනි දින අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරන ලද එම යානය, සඳ මෙහෙයුමට දින දෙකකට පෙර එහි ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් අක්‍රීය වී තිබුණා.

ගගනගාමී ජිම් ලොවෙල් සහ එහි සිටි තවත් ගගනගාමීන් දෙදෙනෙකු ආරක්‍ෂිතව පැසිෆික් සාගරයට යළි ගොඩබසින ලද මොහොත ලොව අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ඓතිහාසික අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.