අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ, “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරණ අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා.” යනුවෙනි.