අමෙරිකා එක්සත් ජනපදයේ ජිවත්වන වියට්නාම ජාතික ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා හා දායකදායිකාවන් ඇතුළු 86 දෙනෙකුගෙන් සමන්විත බෞද්ධ දූත පිරිසක් ඊයේ (17 ) රාත්රීන කටුනායක බණ්ඩාරනායක ජාත්යින්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේ ය.
දූත පිරිසට අමෙරිකාවේ ටෙක්සාස්හි සෙන් ඇන්තෝනියෝ ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්යබ THIEN ස්වාමින් වහන්සේ නායකත්වය ලබා දෙන අතර, සංචාරයේදී දූත පිරිස මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරු, අටමස්ථානාධිපති හිමියන් බැහැ දැකීම, ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම, මහනුවර, අනුරාධපුර සීගිරිය හා දඹුල්ල ප්රහදේශවල සංස්කෘතික හා පෞරාණික වටිනාකම් ඇති ස්ථාන නැරඹීම සහ භික්ෂූන් වහන්සේ උදෙසා අධ්යා පනික උපකාරයන් ලබා දීම සිදු කිරීමට නියමිතයි.
මෙම බෞද්ධ දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්රාීන්තයේ සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා ඇතිවයි.
මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වන සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේ පැවසුවේ ථේරවාදි බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය පිළිබඳ සොයා බැලීම සහ සහයෝගිතාව ගොඩනැගීම මෙම දූත පිරිසේ ශ්රීී ලංකා සංචාරයේ අරමුණ බවයි. මෙම අමෙරිකානු බෞද්ධ දූත පිරිසක් දින 07ක කාලයක් ශ්රීඅ ලංකාවේ රැදී සිටිනු ඇත.
