අමෙරිකාවෙන් රටවල් 75කට වීසා අත්හිටුවයි

අමෙරිකානු රජය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තීරණය කර ඇතැයි, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

අමෙරිකානු සුබසාධන පද්ධතිය සහ පොදු දීමනා අවභාවිත කරන පිරිස් පාලනය කිරීම මෙහි අරමුණයි.

ලබන 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව නියෝගය පනවා තිබෙනවා.

රුසියාව, ඉරානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම රටවලින් සිදුවන සංක්‍රමණයන් දැඩි ලෙස සීමා කෙරෙනවා.

මෙම තහනම සංක්‍රමණික නොවන තාවකාලික සංචාරක හෝ ව්‍යාපාරික වීසා සඳහා බල නොපානු ඇති බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

වීසා අත්හිටුවන ලද රටවල් 75 ක සම්පූර්ණ ලැයිස්තුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත්, බ්‍රසීලය, ඉරානය, රුසියාව සහ සෝමාලියාව යන රටවලට දැනටමත් මෙම සීමාවන් පනවා ඇති අතර පලස්තීන අධිකාරිය නිකුත් කරන ගමන් බලපත්‍ර හිමියන්ටද සංචාරක සීමා පනවා තිබෙනවා.