අමෙරිකාවේ රාජ්‍ය සේවකයින් මෙම සතියේදී විශාල සංඛ්‍යාවක් තම රැකියාවලින් ඉවත් වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ෆෙඩරල් ශ්‍රම බලකාය අඩු කරීමට ගත ක්‍රියාමාර්ගයක ප්‍රධාන සැලැස්මක් බව ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ.
ෆෙඩරල් රාජ්‍ය සේවකයින් 154,000 ක් පමණ ඉවත් වෙමින් සිටින අතර, එය වසර 80කට ආසන්න කාලයක් තුළ රජයේ සේවකයින් වසරක් තුළ සිදු කළ විශාලතම ඉවත්වීම බවයි වාර්තා වන්නේ.
විශේෂඥයින් අනතුරු අඟවන්නේ, මෙතරම් පළපුරුදු සේවකයින් සංඛ්‍යාවක් එකවර අහිමි වීම යනු රජයට තම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත් දැනුම සහ කුසලතා රාශියක් අහිමි වන බවයි.
බොහෝ ෆෙඩරල් රාජ්‍ය සේවකයින් වන්දි ක්‍රමය යටතේ සිය රැකියා වලට සමුදී පුද්ගලික සේවාවන් වෙත ප්‍රවේශ වෙමින් පවතිනවා.
සේවකයින් අහිමි වීම ක්ෂේත්‍ර රැසකට බලපා ඇති බවටයි වාර්තා වන්නේ. ජාතික කාලගුණ සේවයේ තාක්ෂණික විශේෂඥයින් සහ කාලගුණ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලය 200කට ආසන්න සංඛ්‍යාවක් සිය රැකියා වලින් ඉවත් වී තිබෙනවා.
නාසා සහ අනුබද්ධ ආයතනවල හොඳම විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් කිහිප දෙනෙකු ඉවත් වී ඇති බැවින් අනාගත අභ්‍යවකාශ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි නාසා ආයතනය පවසන්නේ.
ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ රාජ්‍ය සේවක කප්පාදුව මඟින් වසරකට ඩොලර් බිලියන 28 ක් පමණ ඉතිරි වන බවයි.
එහෙත් අත්‍යවශ්‍ය සේවාවන් දිගටම පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය විශ්‍රාම නොදී එලෙසම රඳවාගෙන සිටින බවත් සඳහන්.
