2026 වසරේ අයවැය යෝජනා

2026 අයවැය යෝජනා පහතින්,

    • ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනයට
    • ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක්…
    • 2028 වන විට ණය ගෙවිය හැකි ආර්ථිකයක්
    • අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්…
    • වාහන ආනයනයට අ.ඩො.මි 1,933ක ණයවර ලිපි විවෘත කෙරේ…
    • නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ජාතික වෙළෙඳ කවුළුවක්…
    • ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම සඳහා ජාතික මට්ටමින් නවීන හා තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක්…
    • අපනයන විවිධාංගීකරණය මඟින් ඉහළ ආදායමක්…
    • විදේශ ඉපයීම් ඉහළට ගියද වාහන ආනයනය බාධා ඉවතට
    • ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්
    • විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
    • ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
    • බහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 80,000 ක්
    • කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක්
    • ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්දනයට රුපියල් මිලියන 3500ක්.
    • බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරනවා.ඒ සඳහා රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
    • සංචාරක නිපුණතා වෘත්තිකයන් බිහිකිරීම සඳහා රුපියල් මිලියනන 500ක්
    • අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්.
    • රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ විධිමත් කිරීම.
    • 2026 මාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා.
    • හපුතලේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට පියවර
    • මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා
    • Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්.
    • ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන ලබා දෙනවා.
    • ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
    • ආබාධිත දරුවන්ට අනෙක් දරුවන් සමගම අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දීම.
    • රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගන්නවා.
    • කුඩු මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්.
    • අස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්
    • වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11000ක්.
    • මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
    • අඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට රුපියල් 5000 දීමනාවක්.
    • මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
    • ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
    • අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක්.
    • පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන දහයක්.
    • ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක්
    • වතුකම්කරු දවිමක වැටුප වැටුප 2026 ජනවාරි සිට රුපියල් 1550 දක්වා ඉහළ දමන්නට යෝජනා කරනවා. ඊට අමතරව රජයේ විසින් දිනකට රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙනවා.
    • ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 800 ක්.
    • චීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස
    • ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක්
    • විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
    • ලොකු ලූනු අර්තාපල් වැනි ආහාර භෝගවල ගබඩා පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්
    • දඹුල්ල ශීතාගාරයේ සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනයට රුපියල් මිලියන 250ක්
    • 2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්
    • මිල්කෝ බඩල්ගම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 3000ක්.
    • උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක්
    • අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන2500ක්
    • ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක්
    • වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.
    • ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක්.
    • චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක්.
    • වාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක්
    • දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්
    • දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300 ක්
    • පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන
    • මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්
    • රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්
    • සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්.
    • රජයේ ආයතන විසින් ඉදිකර අතහැර දමා ඇති ඉදිකිරීම් 2700 ක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කවුරුවත් සැලසුම්