අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 20000කට පීඩා

අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 4,959කට අයත් පුද්ගලයන් 20,247ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4 ක්.

අධික වර්ෂාවෙන් නිවාස 507කට හානි වී ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.