අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවි හා පතරොම් සමඟ සැකකරුවන් 10 දෙනෙකු ඊයේ (19) දින ගනේමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොස්හින්න, පරකන්දෙනිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවි හා උණ්ඩ සමඟ නිවසේ සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ළඟ තිබි රිපීටර් ගිනි අවි 01, පතරොම් 08, ටී 56 මැගසින් 09, මි.මි.09 පතොරම් 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 900ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 22, 23 සහ 28 වයස්වල පසුවන රාජගිරිය, බොරැල්ල මාලඹේ, ඔබේසේකරපුර, කටුලන්දවත්ත සහ මොරටුගස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මීගමුව පොලිස් වසමේ දළුපත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තවත් ගිනි අවි සහ දේපල සොයාගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.