අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනා තවදුරටත් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අදාළ පැමිණිල්ලද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නිකුත් කරනු ලැබුවා.
