අලි වැටක් අලුත්වැඩියා කිරීමට ගිය දෙදෙනෙකුට අත් වූ ඉරණම

ඊච්චලම්පත්තුව, සූර්නගර් ප්‍රදේශයේ ඊයේ (01) සවස් කාලයේ කුඹුරු ඉඩමක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකුට විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.

ඔවුන් ඊච්චලම්පත්තුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

මියගිය අය අවුරුදු 29 හා 47 යන වයස්වල පසුවන සූර්නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම කුඹුරු ඉඩමේ හිමිකරු ඉඩම වටා අදින ලද අලිවැට අළුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී ඔහුට විදුලි සැර වැදී ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සහ කල දියණියගේ ස්වාමි පුරුෂයාටද විදුලි සැර වැදී ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීර ඊච්චලම්පත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ඊච්චලම්පත්තුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.