ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරඟය අද (25) පැවැත්වෙනවා.
ඒ නවසීලන්ත කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.
තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරඟයේ ජයග්‍රහණය අනිවාර්යයයි.
තරගය රාත්‍රිය 7.00 ආරම්භ වන අතර තරඟය නරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් සවස 4.00සිට දොරටු විවෘත කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා 20 – 20 ජාත්‍යන්තර තරඟ 28 ක් පවත්වා තිබෙනවා.
ඉන් තරග 16 ක් නවසීලන්තයත්, තරග 11 ක් ශ්‍රී ලංකාවත් ජය ගත්‍තා. එක් තරගයක් අවසන් වුණේ තීරණයකින් තොරවයි.
මේ අතර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන්හිදී දෙරට අතර තරග 6 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග තුන බැගින් දෙපිලම ජයගත්තා.
