අවි ආයුධ-උණ්ඩ සමඟ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සැක 10ක් ගණේ­මු­ල්ලේදී දැලේ

අවි ආයුධ කිහි­ප­යක් සහ ජීව උණ්ඩ තොග­යක් සමඟ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් බවට සැක­කෙ­රෙන පුද්ග­ල­යන් 10 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව ගණේ­මුල්ල පොලී­සිය සඳ­හන් කරයි.

ගණේ­මුල්ල පොලී­සිය මඟින් සිදු කළ සෝදිසි මෙහෙ­යු­ම­කදී කොස්සින්න, පර­ක­න්දෙ­නිය ප්‍රදේ­ශයේ නි‍ෙව­සක සිටි සැක සහිත පුද්ග­ල­යන් කිහිප දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව සිදු කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇති තොර­තුරු මත මොවුන්ට සම්බන්ධ තවත් පිරි­සක් මීග­මුව ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බව පොලී­සිය පව­සයි. මොවු­න්ගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරී­මේදී රිපීටර් වර්ගයේ ගිනි අවි­යක් සහ මිලි­මී­ටර් 9 ප්‍රමා­ණයේ ගිනි අවි­යක්ද, කඩු­වක්, ටී-56 ගිනි­අවි සඳහා භාවිත කරනු ලබන ජීව උණ්ඩ 183ක්, මිලි­මී­ටර් 9 ජීව උණ්ඩ 290ක්, බෝර 12 ජීව උණ්ඩ 8ක්, පත­රොම් ගැබ්, අත්මාංචු කුට්ට­මක්, යුද හමුදා නිල ඇඳුම් කට්ට­ල­යක්, ජංගම දුර­ක­තන කිහි­ප­යක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 240ක් සහ මත්පෙති තොග­යක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බවත් පොලී­සිය කියයි.

මෙම සැක­ක­රු­වන් වනා­ත­මුල්ල, රාජ­ගි­රිය, ඔබේ­සේ­ක­ර­පුර, දෙල්ගොඩ, මීග­මුව, කටාන සහ කදි­රාන යන ප්‍රදේ­ශ­වල පදිංචි අවු­රුදු 22 – 35 අතර වයසේ පසු­ව­න්න­වුන් බවත් අනා­ව­ර­ණය වී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් බස්නා­හිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලි­ස්පති නිශාන්ත සොයිසා මහ­තාගේ උප­දෙස් පරිදි ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සනත් අම­ර­සිංහ මහ­තාගේ අධී­ක්‍ෂ­ණය මත ගණේ­මුල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක යූ.පී.එස්. ප්‍රියන්ත මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කෙරෙන අතර සැක­ක­රු­වන් ගම්පහ සහ මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.