අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් යුද හමුදාවෙන් නිවේදනයක්

මෑත කාලයේ යුද හමුදාව ගත් පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රමවේද වැරදි ලෙස අර්ථ දක්වමින් තොරතුරු පැතිර යන බවට නිරීක්ෂණය වී තිබෙනවා.

සිවිල් සමාජය තුළ යුද හමුදාව අප කිර්තියට ලක් කිරීම සඳහා ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා කටයුතු කරන බවට පෙනී ගොස් ඇති බවයි යුද හමුදා මුලස්ථානය නිවේදනය කරන්නේ.

යුද හමුදාවේ පරිපාලනමය කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පිරිස් සහ කණ්ඩායම් තම පටු අරමුණු ඉෂ්ටකර ගැනීම සඳහා වගකීම් විරහිත ලෙස මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටින බවට හඳුනා‍ගෙන තිබෙනවා.

ආරක්ෂක හේතුන් මත යුද හමුදාවේ සෑම කටයුත්තක්ම සමාජයට හෙළි කළ නොහැකියි.

යුද හමුදාවේ පරිපාලන කටයුතු පිළිබඳ තිරණ ගනු ලබන්නේ ඒ පිළිබඳ සුවිශේෂි අත්දැකීම් සහිත නිලධාරි මණ්ඩලයක් යුද හමුදාපතිවරයාට ලබා දෙන නිර්දේශමත පදනම්වයි.

එබැවින් රටේ යහපත වෙනුවෙන් ගුණාත්මක යුද හමුදාවක් පවත්වා ගැනීමට ගනු ලබන තීරණ වැරදි ලෙස සමාජ ගත නොකරන ලෙස යුද හමුදා මුලස්ථානය ඉල්ලා සිටිනවා.