අගෝස්තු මාසයේ අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම අද (15) කරනු ලැබේ.
මෙලෙස ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරන මුදල රුපියල් 11,275,973,750.00 (රුපියල් කෝටි එක්දහස් එකසිය විසි හතකට අධික) මුදලක්.
එය ප්‍රතිලාභී පවුල් 1,421,745 (දාහතර ලක්ෂ විසි එක් දහස් හත්සිය හතළිස් පහකි) දෙනකුට ලැබෙන පරිදි ගිණුම්ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වැඩ බලන අතිරේක කොමසාරිස් (මෙහෙයමු හා සංවර්ධන) ආර්.කේ. ජයලත් මහතා ප්‍රකාශ කරනවා.
