ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සමරණ අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.
නත්තල උදාවූ ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්වුණා.
නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි.
