එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ද ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ, ඇඩිලේඩ් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 371 ක් රැස් කළා.
ඇලෙක්ස් කේරි ලකුණු 106 යි. පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලකුණු 286 ක් රැස් කළා.
ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම ලකුණු 349 යි. ට්‍රෙවිස් හෙඩි ලකුණු 170ක් රැස් කළා.
තරගය ජය ගැනීම සඳහා එංගලන්තයට ලකුණු 435 ක ඉලක්කයක් හිමි වුණා.
නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 352 ක් පමණයි.
ඒ අනුව, ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගය ජය ගත් අතර, තරග පහකින් සමන්විත අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පැවති තරග තුනම ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
