අමෙරිකාව ලංකාවට පැනවූ තීරු බද්ද20% දක්වා අඩුකරයි

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාවන තීරුබදු 20% දක්වා අඩු කරන බවට එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා. ඒ අනුව දකුණු ආසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්තානයෙන් 19%ක් දක්වා ද අඩුකර තිබේ.

එමෙන්ම බංග්ලාදේශයට සියයට 20ක් ද, කාම්බෝජයට සියයට 19ක් ද, ඉන්දියාවට සියයට 25ක් ද, මියන්මාරයට සියයට 40ක තීරු බද්දක් පනවා තිබෙනවා. එය පාකිස්ථානයට සියයට 19ක් ද, තායිවානයට සියයට 20ක් ද, තායිලන්තයට සියයට 19ක් සහ වියට්නාමයට සියයට 20ක් ලෙසයි සදහන් වන්ෙන්.