රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා, හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කළ නියෝගයකට අනුවයි.
විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් නිකුත් කිරීම එම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනාවයි.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය, හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
