ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් සහල් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ 20 (5) වගන්තිය යටතේ.
එම වගන්තියට අනුව ක්‍රියා කරමින්, කිසියම් ආනයනකරුවෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් ආනයනික සහල් වර්ග එහි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය නොකළ යුතුයි.
ගැසට් නිවේදනයට අනුව, ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ක්, ආනයනයික නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
ආනයනික සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230 ක් වන අතර, පොන්නි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 240 ක් ලෙසයි.
කීරි පොන්නි සම්බා කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 255 ක් ලෙස ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.
ගැසට් නිවේදනය ඊයේ සිට ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
