ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කිරීම උත්සව අත්තිකාරම් 2015.08.17 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/2015 මඟින් සංශෝධිත ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13:2 සහ 13:5 උප වගන්ති කෙරෙහි ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.
02. එහි 13:2 උප වගන්තිය පහත පරිදි සංශෝධනය කිරීමට 2026.01.12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. 13:2 නිලධරයාගේ කැමැත්ත පරිදි ඕනෑම එක් වාර්ෂික උත්සවයක් සඳහා රු. 15,000/-ක අත්තිකාරම් මුදලක් ලබා දිය හැකි ය. 3:5 උප වගන්තියේ සඳහන් මුදල් අඩු කර ගතහැකි සීමාවන් මෙම අත්තිකාරම් මුදලට අදාළ නොවේ. මෙම අත්තිකාරම් මුදල පොළී රහිතය.
03. ඉහත සංශෝධනය 2026.01.01 දින සිට ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් වන අනෙකුත් විධි විධාන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ.
04. තව ද, 2026.01.01 දින සිට මෙම චක්‍ර ලේඛය නිකුත් කරන දින දක්වා කාලය තුළ පැවති විධිවිධාන අනුව, උත්සව අත්තිකාරම් මුදල ලබා ගත් නිලධරයන් සඳහා මෙම විධි විධාන ප්‍රකාරව ලබා ගත හැකි උත්සව අත්තිකාරම් මුදලෙහි ඉතිරි මුදල ලබා ගැනීමට අවස්ථාව සලසා දිය හැකි ය. එසේ ලබා දුන් පසු, වාරික අය කිරීම නව විධිවිධාන පරිදි සංශෝධනය කළ යුතු ය.