මෙරට පැවැත්වෙන දැවැන්තම ජංගම සෞඛ්‍ය සායනය වන ආරෝග්‍යා ජංගය සුවසායන වැඩසටහන් මාලාවේ 58 වැනි ජංගම සෞඛ්‍ය සායනය පසුගියදා බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදි ආරම්භ කෙරුණා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම හා දායකත්වයෙන් හෙල්දි ශ්‍රී ලංකා යන තේමාව යටතේ මෙම ආරෝග්‍යා සුවසායනයේ සංවිධාන කටයුතු සිදුකර තිබුණේ බටපොත ස්වේච්ඡා සංවිධාන එකමුතුව විසින්.
