ආසියානු කුසලානයට 16ක් සීරුවෙන්

ආසියානු කුසලානය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද නිවේදනය කළා. තරගාවලිය ලබන මස 9වැනිදා සිට 28වැනිදා දක්වා එක්සත් අරබි එමිර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. නම්කල සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා. පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිදු ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිශාර, දසුන් ශානක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කාරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීශ පතිරණ කණ්ඩායමට කැදවා ඇති ක්‍රීඩකයින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ ආබාදයට ලක්ව සිටින දඟ පන්දු යවන වනිදු හසරංගගේ සහභාගීත්වය තීරණය වන්නේ වෛද්‍ය පරික්ෂණයකින් අනතුරුව බවයි.

ආසියානු 20 – 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින්නේ B කාණ්ඩයෙන්. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකොං ඊට ඇතුලත් සෙසු කාණ්ඩායම්.