සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
ජනතාවාදි අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ සහ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘති පිළිබඳව අමාත්‍යවරයා එහිදි මහනායක හිමිවරුන් දැනුවත් කළා.
පළමුව අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදි, මල්වතු මහානායක අතිපූජ්‍ය තිත්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
උන්වහන්සේගේ සුවදුක් විමසු අමාත්‍යවරයා කෙටි පිළිසඳරක නිරත වුණා.
මේ වර්ෂය තුළ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සියයක් ස්ථාපිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ යටතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘති යටතේ සිව්වැනි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර පොල්ගොල්ලේදිත්, පස්වන මධ්‍යස්ථානය මාතලේ දන්කන්ද ප්‍රදේශයේදිත් අද ආරම්භ කළ බවයි අමාත්‍යවරයා මහා නායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේ.
අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය අමාත්‍යවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා කෙටි පිළිසඳරකද නිරත වුණා.
