ආපදාවෙන් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් වැරදි ප්‍රචාර සිදු කරන ඇතැම් නාලිකා සහ සමාජ මාධ්‍ය සඳහා එම පුවත් ක්‍රමානුකූලව නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාදාමයක රජය නිරතව සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය කිසිදු විටෙක මාධ්‍ය මර්ධනයක් සිදු නොකරන බවයි.