ඇල්ල වැල්ලවාය මාර්ගයේ දරුණු අනතුරක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය හයේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්වයේ සිටි යතුරු පැදියේ ගමන් කරමින් සිටි කාන්තාවක් සහ රියදුරු වැඩි දුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

යතුරු පැදියේ ගමන් කරමින් සිට ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර මෝටර් රථයේ පැමිණ ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.