මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට ඇද දමමින්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ දිස්ත්‍රික්ක 131ක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 555 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රතු අඩ සඳ සංවිධානය නිල වශයෙන් තහවුරු කර සිටිනවා.
ඉරානයේ දකුණුදිග ෆාර්ස් පළාත ඉලක්ක කර ගනිමින් ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජයේ නිල පුවත් ඒජන්සියක් වන තස්නිම් පුවත් සේවය කරනවා.
පළාත් බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පිරිස ඉහළ මට්ටමක පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
