ඊයේ (26) දින උදෑසන කාලයේ දිඹුලපතන,රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇළ මාර්ගයකට කුඩා දැරියක් වැටී මියගොස් තිබෙනවා.
දිඹුලපතන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය දැරිය වයස අවුරුදු 04 ක් වූ රොසිටා වත්ත, කොටගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
